Budubana
Lyrics
චණ්ඩ මාරුතයේ නාවිකයා ඔහු පදවනා
පාප ලෝතලයේ සියලු කෙලෙසුන් පරදලා
ඇයිද සමිදුන්නේ අප සැමා මෙහි ඉපදිලා
කෙලෙස් පුරවන්නේ කදුළු අතරින් හිනැහිලා...
සමිදානනී මට අවසර ගයන්න ගායනාව
ලද දෙයක් නෑ අතහැර ඇත නිසා භාවනාව
කිමද මා මෙහිම ඉපිද ඉපිද මිය යමින් නැවත ඉපදෙමින් දිවි ගෙවන කාරණාව
සසර කෙටි වීමට දනයා අඳියි සිවුරූ
වසර නොව කල්ප ගනනින් බැඳ පවුරූ
පොත් වල තියන බුදුදහම කෝ අද හිත්වල තිබුනෙ රත්වුනු දේ අඳුරූ
මට කියන්න අප හට වැරදුනෙ මොනවද
දැනු නිද මෙහි මිනිස්සු තැවෙන පිළිබඳ
දුකට පත්වූ මිසෙක සතුටින් සිටින විටෙක අද උන්ට බුදු බණ සිහි වෙනවද
රහත් ලෙස පවසන හිමියන් ඇත මෙහේ
පන්සලට වෛශ්‍යාවන් ඇයිද එන්නෙ මැදියමේ
ශාසනේද ධර්මයාද ලෝකයාම අපි නැහේ
ශ්‍රී සමන් දෙවියන් සූදානම්ද හිමියනේ
ආදරේ බහුලයි සමාජෙ මත්‍රී කරුණා විරලයි
තවත් පිරිසකට බුදුබණ නම් පරණයි
සමිදුනි මට ඇති මේ ඉපදීමයි මරණයි
දැන් මම වැරදි ඇති ඒත් කියමි බුදුසරණයි
ඇයිද බුදු සමිඳුන්නේ අප සැමා මෙහි ඉපදිලා
දුකක පැටලිලා සතුටෙ ඇත නිමා යනුවෙන් වැටහිලා එන දිනක් නැතිද සසරින් නැවතිලා
චණ්ඩ මාරුතයේ නාවිකයා ඔහු පදවනා
පාප ලෝතලයේ සියලු කෙලෙසුන් පරදලා
ඇයිද සමිදුන්නේ අප සැමා මෙහි ඉපදිලා
කෙලෙස් පුරවන්නේ කදුළු අතරින් හිනැහිලා...
Writer(s): King Lotuss, Ashan Perera
Copyright(s): Lyrics © O/B/O DistroKid
Lyrics Licensed & Provided by LyricFind
The Meaning of Budubana
Be the first!
Post your thoughts on the meaning of "Budubana".